අන්තර්ජාතික පාසල්වල ළමයින්ගේ අයිතිවාසිකම් වත්මන් රජය උල්ලංඝනය කරනවා



අන්තර් ජාතික පාසල්වල ළමයින්ගේ අයිතිවාසිකම් වත්මන් රජය උල්ලංගනය කරන බව වත්මන් රජය මෙහෙයවන එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක වරයා කියා සිටියේ  ඒ පිලිබදව අප ඔහු සමග පැවැත්වූ සාකච්චාවකදීය . 

සාකච්චාව සැකවින් 

අප  - සුභ උදෑසනක් වේවා සංවිධායක තුමා 

සංවිධායක වරයා  - සුභ උදෑසනක් කව්ද මේ ? 

අප - සිංහල ගොසිප් නිවුස් එකෙන් , ඉන්ටර්විව් එකක් ගන්නයි කතා කරේ .

සංවිධායක වරයා -  හොදයි , ඉක්මනින් ඉවර කරන්න පුලුවන්නම් තමයි හොදම ( සිනාසෙමින් ) 

අප - මේකයි අපිට තියෙන ප්‍රශ්නේ මිට කලින් අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔබ පල කල ප්‍රකාශයක් ගැන ෆේස්බුක් සටහනක් තැබුවා , එකේදී පැනනැගිලා ආව ප්‍රශ්නේ මේ අන්තර්ජාතික පාසල් වලට රජයේ විභාග පෞද්ගලිකරණය කරන්න යනවා කියන එකයි , මොකක්ද මේකේ ඇත්ත නැත්ත ?

සංවිධායක වරයා  -  දැන් මෙහෙමයි ,  ඕක උනේ අර ලයිසියම් කොලේජ් එකේ ළමයා කළා අංශයෙන් ලංකාවේම පළවෙනිය වෙච්ච එක , ඒත් එක්ක වික්පක්ශේ ට රජයට විරුද්ධව  කතා කරන්න මාතෘකාවක් නැති නිසා  , ඒ ළමයාගේ ජයග්‍රහණය වත්මන් රජයට පහර දෙන්න අවියක් කරගත්ත හිටපු අධයාපන ඇමති බන්දුල ගුණවර්ධන . නැතුව ඇත්තටම මේක අන්තර්ජාතික පාසල් හා රජයේ පාසල් අතර තියෙන ගැටළුවක් නෙවේ . 

අප - එතකොට සංවිධායක තුමා , වත්මන් අධ්‍යාපන ඇමති මේ ප්‍රශ්නෙදි එක පැත්තක් ගන්නේ නෑලු ,  ප්‍රශ්නේ මග අරින්න උත්සහ කරනවලු   , මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබට කියන්නට තියෙන්නේ ? 

සංවිධායක වරයා  -  මග හරින්නටවත් , නොසලකා හරින්නටවත් කිසිම ගැටළුවක් මෙතන නෑ , මේක හරියට කැස්සක් භූමිකම්පාවක් කරගත්තා වගේ වැඩක් , විපක්සේට ආණ්ඩු පක්ෂෙට ගහන්න වෙන විදිහක් තිබ්බේ නෑ  , ඒ කාලේ එකයි ඒ ළමයාගේ ජයග්‍රහණය අල්ලාගෙන , ගුරු සංගම් අවුස්සලා ඒ ජයග්‍රහණය පොදු ජයග්‍රහණයක් ලෙස සලකන්නට බෑ කියල , එක රජයේ ළමයින්ට කරන අසාධාරණයක් කියල  දෙපැත්ත අවුලල තිබ්බේ . මේක සම්පුර්ණ බොරු පුහු මතයක් , ඉගෙන ගන්න කෙනා රජයේ පාසලක ඉගෙන ගත්තත් අන්තර්ජාතික පාසලක ඉගෙන ගත්තත් කොහේ හිටියත් ඉගෙන ගන්නවා  .  ජයග්‍රහණයත් ඒ වගේ අපි දක්ෂයි නම් මේක ලංකාවද , බ්‍රිතාන්යද කියන දේ අදාළ නෑ , හොදම උදා හරනේ මෑතකදී කුඩා ශ්‍රීලංකා දැරියක් බ්‍රිතානයේ බුද්ධිමත්ම දැරිය විදිහට ඒ රටේ සම්මාන ලැබුවා , ඉතින් ඒ මිනිස්සුත් මෙයා ලංකාවෙනෙ මේක රටේම ජයග්‍රහණයක් විදිහට හිතන්න බෑ , එයා වෙන රටක කෙනෙක් කියල ඒ දියණියව දිරිමත් නොකලානම් ඒ සම්මානේ අප‍ රටට ආඩම්බරයක් විදිහ නොලැබෙන්න තිබ්බ , රටක් විදිහට ඉස්සරහට යන්න බැරි දේශපාලඥයන්ගෙන් දේශපාලු අදහස් නිසා , බන්දුල අධ්‍යාපන ඇමති ඉන්න කලෙත් අන්තර්ජාතික පාසල් වලට රජයේ විභාග තහනමක් තියන්න කියල බන්දුල කැබිනට් පත්රිකාවක්වත් , පාර්ලිමේන්තු යෝජනාවක්වත් ගෙනාවේ නෑ , මේක විපක්ෂෙන් ආණ්ඩු පක්ෂෙට කරන බොරු පැමිණිල්ලක් , නැති ප්‍රශ්න ඇති කිරිල්ලක් විදිහටයි මම දන්නේ  . 

අප - ඉතින් ඔබ තුමා ඇතුළු ශිෂ්‍ය පෙරමුණට තිබ්බනේ මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කරලා මිනිස්සු අතරට මේක යවන්න 

සංවිධායක වරයා -  ඔව් , ඇත්තටම එහෙම කරන්න තිබ්බනම් හොදයි , අපි දෙයක් කරන්න කලින් අපි පක්ෂයේ ඉහල නිලධාරීන්ගෙන් අවසර ගත යුතුයි , සැබවින්ම මේ සදහා මාධ්‍ය සාකච්චාවක් තියල මිනිස්සු දැනුවත් කරන්න මම යෝජනා කරද්දී ඉහලින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා , මට ඉන්පසු මේක මිනිස්සු අතරට ගෙනියන්න වෙන විකල්ප ක්‍රමයක් තිබ්බේ නෑ  . 

අප -  ඉහල නිලධාරින් අපගේ ලිපිය දැක්කට පස්සේ , ඔබේ තනතුර වුනත් ගැලවෙන්න පුළුවන් ?  ඔබට බය නැද්ද ඉහල නිලදාරින්ට චෝදනා කරන්න . 

සංවිධායක වරයා  -  සැබවින්ම රටේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පටන් ගත්ත දෙයක් මේ ශිෂ්‍ය පෙරමුණ , මේකේ ඉතිහාසය ගත්තොත් ඩඩ්ලි සේනානායක දක්වා දිව යනවා , ඉතින් මේකෙන් ශිෂ්‍ය සමාජය වෙනුවෙන් වැඩක් කරන්නට බැරිනම් අපි මේ තනතුරු වල එල්ලිලා ඉන්න එකත් බොරු වැඩක් , අනිත් එක මේක මම ගරු සේවයක් විදහට කරන වැඩක් , ශිෂ්‍ය පෙරමුණේ කිසිම නිලධාරියෙක්ට පක්ෂයෙන් මුදල් ගෙවන්නේ නෑ , ව්‍යාපෘතියකට ඇරෙන්න වෙන කිසිම දෙකට පක්ෂයෙන් අපිට මුදල් නිදහස් කරන්නේ නෑ , මේක වොලන්ටියරින් වගේ වැඩක් . 

අප -  ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා , ඔබ තුමාට බොහොම ස්තුතියි .  

සංවිධායක වරයා -  මගෙන් විතරක් නෙවේ , ඔය වගේ අන්තර් පක්ෂ සංවිධාන නායකයන්ව සම්බන්ධ කරගන්න , මේවා ඔක්කොම නමට තියෙන සංවිධාන , උඩින් කටවල් වහනවා අපේ , අනෙත් පක්ෂ වලටත් මේ  අවනඩුවම තමයි , මොනා උනත් අවස්තාවක් ලබා දුන්නට ස්තුතියි ,  ජය වේවා  .  

දුරකථනය විසන්ධි විය 

ඒ අප සමග එකතු වුනේ එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණ නියෝජනය කරන ජාතික සංවිධායක වරයා වන මිෂෙල් පීරිස් මහතායි . 

Comments