ඉශාන්ගේ මනාලි

 සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මෙම ගීතය නිර්මාණය කෙරිණි -

වටේ යවපු එකා පොරක් වෙන ඒ කෙල්ලව පස්සේ ආදරෙන් බලාගත්ත එකා නපුංසකයෙක් වෙන සමාජයේ 
ඇයට අපි අමා යැයි කියමු.. ඇය ආදරවන්තියකි ඇයට හීන ඇත ඒ ඔහුගේ පෙම්වතා හා දිනෙක ලස්සන වෙඩින් එකක හැමෝම ඉස්සරහ ඔහුගේ අතගන්නටය.. ඇය ඒ වෙනුවෙන් නොකරන නොකෙරූ දෙයක්ද නැති තරම්ය.. කොටින්ම ඇය ඇයගේ නිර්මල භාවයද ඇයගේ ප්‍රේමය වෙනුවෙන් පුද කොට අවසන්ය.. සියල්ල සැනෙකින් වෙනස් විය.. ඔහුට අපි ඔෂාන් යැයි කියමු.. ඔෂාන්ට කෙදිනකවත් අමාගේ අත ගැනීමට ආසාවක් තිබු අයෙකු නොවේ.. සරලව කියතොත් ඔහු ඇයව පාවිච්චි කළේය ඔහුගේ ආශාවන් සන්සිදුවන්නට ඔහුගේ මිල මුදල් අවශ්‍යතා සපුරාගැනීමට ඔහු අමාව භාවිතා කළේය.. සියල්ල ඉටුවූ පසු ඔහු අමාව මගහරින්නට විය අමාට සියල්ල අහිමි කල ඔහු සදහටම අමාගෙන් සමුගත්තේය.. 
කලක් ගතවිය... 
අමාගේ දැඩි අකමැත්ත මත දෙමාපියන්ගේ බලකිරීමෙන් අමාට විවාහ දිවියට පිවිසෙන්නට සියල්ල සූදානම් කෙරිණි.. ඇය හා අතිනත ගැනීමට ආ ඔහුට අපි සුපුන් යැයි කියමු.. සුපුන් අමාට දැඩි ලෙස පෙම් කරන්නට විය අමාද වැඩි අකමැත්තක් නොදැක්වුවද ඇයට සුපුන්ට සියල්ල පැවසීමට අවැසි විය.. එහෙත් ඒ සදහා ලද අවස්තාව සීමිත විය.. අවසානයේ ඇය සියල්ල සඟවා එක හිතින්ම සුපුන්ට පෙම් කරන්නට විය එකෙක් විනාස කරලා ගිය අමාට අලුත් ජීවිතයක් ලැබුනේය යෝජනා විවාහය ආදර විවාහයක් වන තරමට දෙදෙනා පෙම් කරන්නට විය ප්‍රේමය සාර්ථක විය දිනක මුළු මහත් සියලුදෙනා ඉදිරියේ ඔවුන් විවාහ විය.. ගීත හඩ / ඉකිගැසුම් අතරේ ඇය ඔහු හා මංගල රැය ගතකිරීම සදහා පිටත්ව ගියේය.. ඇය ඔහුට මංගල රාත්‍රියේ පැවසුවේ කුමක්ද ? ඔහුත් ඇයව අත්හැර දැමුවේද ?

එතැන් සිට මෙසේ විය
මාගේම අලුත් ආරේක සංගීතයෙන් / මගේම පදරචනයෙන් / මගේම කටහඩින් / උබලගේ ආශිර්වාදයෙන් කරන පලවෙනි ට්‍රැක් එක.. මේ ට්‍රැක් එකේ ඕඩියෝ එකට වීවුස් 10000 ක් ආපු දවසට මන් ලස්සන වීඩියෝ එකක් කරනවා ඒත් මගේම ස්ක්‍රිප්ට් එකකට... වැරදි අඩුපාඩු ඇති ඒවාට සමාවෙන්න... එහෙම දේවල් දැනුනොත් කමෙන්ට් එකක් දාලා තියන්න ඒ දේවල් නිවැරදි කරනවා වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම
යාලුවන්වත් ටැග් කරලා සින්දුව ෂෙයාර් කරලා සපෝර්ට් එකක් දීපල්ලා සහෝදරවරුනි.. ලොකු වෙබ්සයිට් වලට දීල ප්‍රොමෝට් කරන්න සල්ලි නෑ ඒ නිසා උබලගේ ශේයාර්ස් ටික සෑහෙන්න වටිනවා.. 
- මෙහි එන සියලුම නම් ගම් මනක්කල්පිතය -

Comments